ථේරවාදි බෞද්ධ ආගමික වැඩසටහනකට බෞද්ධ ධූත පිරිසක් මියන්මාරයට

0

මියන්මාරයේ පැවැත්වෙන ථේරවාදි බුදු දහම පිළිබඳව විශේෂ ආගමික කටයුතු කිහිපයකට විශේෂ බෞද්ධ දූත පිරිසක් මියන්මාරය බලා පිටත්ව ගියා.

භාවනාව පිළිබඳ විශේෂ කීර්තියක් උසුලන මියන්මාරයේ යැන්ගොන් නුවර අයුන්ග්සාන් තව්යා තතෝ භාවනා මධ්‍යස්ථානාධිපති විශ්ව කීර්ති ශ්‍රි කම්මට්ඨානාචාර්‍ය පූජ්‍යපාද භදන්ත සද්ධම්ම කිත්තිසාර ස්වාමින් වහන්සේගේ ආරාධනාවක් පිට මෙම පිරිස මියන්මාරය බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින්වහන්සේ, උඩරට අමරපුර නිකායේ මහනායකධුරන්දර ශාස්ත්‍රපති පණ්ඩිත නුවරඑළියේ චන්ද්‍රධෝති හිමිපාණන්වහන්සේ සහ මධ්‍යම වයඹ දෙපළාතේ උපප්‍රධාන සංඝනායක යටිරාවණ සීලානන්ද හිමියන් ඇතුළු පිරිසක් මෙම විශේෂ ධූත පිරිසට අයත් වේ.