රටේ ආරක්ෂාව භාර සේනාධිනායක විසින් සිය වගකීම් පැහැර හැරියා ද ?

0

ඉන්දීය රජය අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අමතා අප රටේ ඇතිවූ අවාසනාවන්ත සිද්ධිය පිළිබදව සිය ශෝකය පළකර ඇති අතර ත‍්‍රස්තවාදී කි‍්‍රයා නැවැත්වීමට ශී‍්‍ර ලංකාව ගන්නා ඕනෑම තීරණයකට සිය සහයෝගය ලබාදෙන බවට ප‍්‍රකාශකර ඇත.

අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඊයේ (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේදි එජාප මන්තී‍්‍ර කණ්ඩායම හමුවේ මේ බව පවසා ඇත.

තව සුවිශේෂි කරුණක් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එම හමුවේදි හෙළිදරව්කර ඇත. එනම් යම් ත‍්‍රස්තවාදි සංවිධානයක් විසින් අප  රටේ මෙවැනි මිලේච්ච ප‍්‍රහාරයක් දියත්  කිරිමට සැලසුම් කරන බවට හා එම ප‍්‍රහාරදියත් වල ස්ථාන, වේලාවන් පවා ඉන්දීය රජය විසින් ඉන්දීය ආරක්ෂක ඔත්තු සේවය හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අපේ‍්‍රල්මස 04 හා 11 යන දෙදිනයන්හි දැනුවත් කර තිබු බවට ඉන්දීය රජය පැවසූ බවයි.

ඉන්දියානු ඔත්තු සේවය විසින් ශ‍්‍රී ලංකා ඔත්තු සේවයට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකර ඇතත් අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට මෙම තොරතුරු ගලා යාමක් සිදු නොවූ බවටද වාර්තා වේ.

එසේනම් අප රටේ ආරක්ෂක කවුන්සිලයේදි මේ බරපතළ තත්වය පිළිබද සාකව්ඡා නොවූයේ මන්ද ? ආරක්ෂක කවුන්සිලයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට හා කැබිනට් අ මාත්‍යවරුන්ට ආරාධනා නොමැති බවත් අවසන්වරට ආරක්ෂක කවුන්සිලය රැස්වූ අවස්ථාවේදි මෙම තත්වය පිළිබදව කිසිදු සාකච්ඡා සිදු නොවූ බවට අග‍්‍රමාත්‍යවරයා මෙම හමුවේදි පැවසූ බව ඉතා විස්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.

එමෙන්ම පසුගිය ඔක්තෝම්බර් 26 දිනෙන් පසුව ආරක්ෂක කවුන්සිලයේ කිසිදු රැස්වීමකට අගමැතිවරයාට සහභාගීවීමට අවස්ථාව සලසා නොදුන්බවද අගමැතිවරයා විසින් අවධාරණය කර සිටින අතරම මෙය ජනාධිපති සිය වගකීම් පැහැර හැරීමේ ප‍්‍රධාන අවස්ථාවක් ලෙස මනාව ඔප් නැංවිය හැකිය.

තත්වය එසේ තිබියදී රටේ ආරක්ෂාව භාර සේනාධිනායකයා,එමෙන්ම නීතිය හා සාමය භාර අමාත්‍යවරයා වශයෙන් මෙම බරපතල තත්වය නොසලකා සිටියේ මන්ද යන්න කාටත් ගැට`එවක් වී හමාරය. අවම වශයෙන් විදේශ ගතවීමට ප‍්‍රථම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හෝ මේ පිළිබදව දැනුවත් නොකීරීම ජනාධිපතිවරයෙකුට සුදුසු භූමිකාවක් නොවේ.

සිතා හෝ නොසිතා සිදු කළ මෙම ක‍්‍රියා වෙන්  රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අනතුරේ හෙළා ඇත. මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කල් ඇතිව දැනුම් දෙනු ලැබුවා නම් පාස්කු ඉරිදා පූජාව නොපැවැත්වීමට කටයුතු කරන බව කතෝලික පල්ලිය භාර හිමිවරුන්ද පවසයි.
කෙසේ හෝ එයින් සිදුවූයේ අහිංසක මිනිස් ජිවිත නිරපරාදේ රටට අහිමි වීම පමණි.

එමෙන්ම ජනාධිපතිවරයා තමන් හට ඔත්තු සේවා මගින් ලබා දුන්තොරතුරු වසන් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා දෝශාභියෝගයට ලක් කළ හැකි කරුණක් බ ව කැබිනට් මණ්ඩලය සාකච්ඡුා කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.