ගෝඨාගේ හොඳම වෙලාව රටේ නරකම වෙලාවද?

0

පසුගිය පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සමහර දේශපාලකයන් සිය නිර්ලජ්ජිත දේශපාලන උපාය ක්‍රමවේදයක් ලෙස යොදා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් මහලේකම්වරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ අහිංසක මිනිසුන්ගේ මිනී මතින් දේශපාලනය කළ යුතු නෑ. ඔබ දකින්න ඇති මේ සිද්ධිය ඇති වුණේ මේ ඉරිදා නෙමෙයි පහුගිය ඉරිදා ඒ ප්‍රහාරය වෙලා සතියක් යන්න ඉස්සල්ලා, මීනිවල රස්නේ යන්න ඉස්සල්ලා සමහර දේශපාලන අපේක්ෂිකයින් තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙසට පෙනි සිටින බව ප්‍රකාශ කරනවා නම් අපි දකින්නේ ඒක දේශපාලකයෙක් වශයෙන් කළ යුතු ඒවා නොවන බව. මම දැක්කා ඔබතුමාලා එතුමාගෙන් ප්‍රශ්න අහනකොට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කවදාද කියලා අහනකොට එතුමා කිව්වේ හොඳම වෙලාව මම කියන්නම් කියලා. ඒ අතින් මේ විනාශය වෙලා දවස් දෙක තුනක් යනකොට ප්‍රකාශ කරනවා නම් මම ජනාධිපති අපේක්ෂකයා කියලා ඒකේ හොඳ නරක මම හිතන්නේ ජනතවට තේරුම් ගන්න පුළුවන් කියලා. අපි මේවා මතින් දේශපාලනය කලේ නෑ.”

“පසුගිය කාලේ දැකපු සම්මුඛ සාකච්ඡා දිහා බලනකොට ඔක්කෝම දේශපාලනය නේ කතා කරන්නේ. මේ සිද්ධියත් එක්ක බුද්ධි අංශ වලට සමහර අය පහර දුන්නා. බලන්න අපේ බුද්ධි අංශ කොච්චර දක්ෂ ද කියලා. පිටරටක මේ වගේ සිද්ධියක් ඇති වෙච්ච වෙලාවේවත් මෙච්චර වේගෙන් ක්‍රියාත්මක වුණේ නෑ. ඒත් අපේ බුද්ධි අංශ ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වෙලා මේකේ ප්‍රධානීන් සියළු දෙනා හොයා ගෙන ඉවරයි. තව කිහිප දෙනෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ.” මන්ත්‍රිවරයා පවසා සිටියා.