මූලික අයිතිවාසිකම් කඩ වුනාට පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට? ජනාධිපති සිරිසේනත් ගේමට……

0

තමන්ව අනිවාර්ය නිවාඩු යැවීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති ද යන්න පිළිබඳව පූජිත් ජයසුන්දර විසින් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජේෂ්ඨ නීතිඥවරුන් පවසා සිටින්නේ මූලික අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධයෙ න්පූජිත් ජයසුන්දරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි වුවද ජනාධිපතිවරයා විසින් ඔහුව අනිවාර්ය නිවාඩු යවමින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රය කියවා බැලීමෙන් පසුව එය වඩාත් ස්ථීර ලෙස පැවසීමේ හැකියාවක් ඇති බවයි.

මේ අතර පොලිස්පතිවරයා ඉල්ලා අස් නොවේ නම් ඔහුව ඉවත් කිරිමට 2003 රජයේ සේවකයන් බඳවා ගැනීමේ පනත ආධාර කරගත හැකිමුත් එයද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වළක්වා තිබේ. 19 වෙනි සංශෝධනය අනුව පොලිස්පති පත් කිරීමට ජනාධිපතිට ප්‍රතිපාදන තිබුනද ඔහුව ඉවත් කිරීමට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් හරහා ය.

පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමට පාදක වූ බෝම්බ ප්‍රහාර වාර්තාවක් ලබා ගැනීමට පත් කළ ජනාධිපති කොමිසම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් හා පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන ප්‍රකාශ ලබාගෙන අතුරු වාර්තාවක් ජනාධිපති වෙත ලබා දී ඇති අතර එය නීතිපති උපදෙස් ලබා ගැනීමට යොමු කර ඇති බවත් ජනාධිපති සිරිසේන විසින් පසුගිය 01 වෙනිදා පවසා සිටියා. ඒ හරහා ජනාධිපති සිරිසේන පූජිත් ජයසුන්දරට එරෙහිව නඩු මගට බැසීමට අදහස් කරගෙන සිටි ද යන්න පිළිබඳවත් සැකයක් හටගෙන ඇත.