ගෝඨාභය තවමත් අමෙරිකානු නීතියට යටත්……….. අමෙරිකානු තානාපතිනිය පවසයි!

0

පසුගිය පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන් තවමත් කුමන්ත්‍රණය කරමින් සිටින බව අමෙරිකානු රජය විශ්වාස කළ ද ශ්‍රි ලංකා රජය විමර්ශන තුළ සතුටුදායක ප්‍රගතියක් පෙන්වා ඇති බව ලංකා අමෙරිකානු තනාපතිනි Alaina Teplitz පවසා සිටිනවා.

අද (03) සවස 4-5 කාලය තුළ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට සහභාගි වෙමින් ඇය මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

මෙහිදි අමෙරිකානු තානාපති කාර්යාලය මීට ටික දිනකට පෙර අමෙරිකානු පුරවැසියන් වෙත නිකුත් කළ ගමනාගමන උපදේශ පිළිබඳව අදහස් දක්වමින් තනාපතිනිය ප්‍රකාශ කළේ එය අමෙරිකාව විසින් ලොව පුරා සිටින සිය පුරවැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පවත්වාගෙන යන පද්ධතියේ තවත් පියවරක් බවත් ත්‍රස්තවාදී ක්‍රියාවන් තව තවත් සිදු වියහැකිය යන උපකල්පනය මත ක්‍රියාත්මක කරන්නක් බවත් ය.

එසේම මෙහිදි ඇසු ප්‍රශ්නයක සඳහන් වූයේ හිටපු ආරක්ෂක එකම් ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිබව ඉවත් කර ගැනීම පිළිබඳවයි. එයට පිළිතුරු ලබා දෙමින් තනාපතිය සඳහන් කළේ අමෙරිකාවේ සිය රටේ නීතියේ ස්වාධිපත්‍යය හා එහි ස්වාධීන බව දැඩිව විශ්වාස කරන ජාතියක් බැවින් නීතිය හමුවේ පවතින කටයුත්තක් පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු කිරීමට තමන් සූදානම් නොවන බවයි.

තනාපතිනියගේ එම ප්‍රකාශ හරහා පැහැදිළි වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය වෙත කවර ප්‍රකාශ කළ ද ඔහුගේ පුරවැසිබව තවමත් අමෙරිකානු නීතිය ඉදිරියේ පවතින බවයි.

ශ්‍රි ලංකාවේ පැවති දශක තුනක යුද්ධය අවසානයේ අමෙරිකාව පැවති රජයන්හි නිලධාරින්ට හා ආරක්ෂ අංශ නිලධාරින් වෙත එරෙහි වූයේ මානවහිමිකම් ආරක්ෂා කිරීමේ පදනමකින් පමණක් බවත් ලංකාව හා අමෙරිකාව අතර පවතින්නේ අවුරුදු 70 කට එහා ගිය රාජත්‍රාන්ත්‍රික සබඳතාවයක් බවත් ඇය මෙහිදි ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියා.

එසේම ලංකාවේ හොඳ කාලයන්හිදි මෙන්ම නරක කාලයන්හිද අමෙරිකාව ලංකාවට උදව් කලේ කිසිදු දේශපාලන පරමාර්ථයකින් නොවන බවත් පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයන්ගෙන් පසුව විමර්ශන සඳහා ලංකාවේ රජය වෙත අමෙරිකාව උපරිම සහය ලබා දෙන්නේත් ගෝලිය ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරීමේ අභිප්‍රායෙන් පමණක් බවත් ඇය මෙහිදි සඳහන් කර තිබෙනවා.

එසේම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ආරක්ෂා කරගනිමින් ගෝලිය ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගැනීම පිළිබඳව ශ්‍රි ලංකාවේ රජය කලාපයේ අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගෙන් අත්දැකීම් ලබා ගත හැකි වන බවත් එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් නිදහස් හා සාධාරණ වෙළඳපොළක් අපේක්ෂා කරන අයෝජකයන්ට හා පාරිභෝගිකයන්ට ලංකාවට පැමිණීමට කැමත්ත ඇති කරනවන වත් ඇය සඳහන් කළා.

එමෙන්ම ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ලංකාවේ රජයට සිය පුරවැසියන්ගේ හා ආගන්තුකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවිය හැකි ප්‍රමාණයට එය ඉහළ යා හැකි බවයි.