නිල රථයේ අගමැතිවරුන්ගේ සාකච්ඡාක් – අසීරු අවස්ථා වලදි අතනොහරින බවට මෝදිගෙන් සහතිකයක්

0

සහෝදර සහ මිත‍්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි පවසනවා.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන්ට සිදු කළ ආරාධනය පිළිගත්තේ මහත් සතුටින් බවත් ඉන්දියාව ශ‍්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

එසේම ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක තම රටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබඳ මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දිය අගමැතිවරයා වෙත සිය ස්තුතිය ද පළ කොට තිබෙනවා.

එසේම ඉන්දිය අගමැතිවරයා පිළිගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර අගමැතිවරුන් දෙපල ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා එකම වාහනයක පැමිණිම විශේෂත්වයකි.

එසේම රථය තුළ වූ එම සාකච්ඡාව වඩාත් දේශපාලනික හා අර්ථවත් වූ බවත් දෙරටටම බලපාන ගැටළු පිළිබඳව, ගෝලිය ත්‍රස්තවාදය පරාජය, ලංකාවේ ආර්ථික අර්බුදය හා අනාගත කඩයීම් මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ද මෙහිදි අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.