ඉන්දීය අගමැති කාර්යාලයෙන් විශේෂයෙන් ඉල්ලුවේ අගමැති රනිල්වයි …….. රනිල් එයාගේ කාලයත් විපක්ෂයට දුන්නා…..

0
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවේ ගත කළ මුළු කාලය පැය 4 කට සීමා වූ හෙයින් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට වෙන් කර තිබූ කාලය විපක්ෂයට දීමට පියවර ගත් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගත් පියවර අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂහා ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සමග සාකච්ඡා කිරීමට කාලය ඉතිරිවූ බවද සභානායක කිරිඇල්ල පවා සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ සියළු සාකච්ඡා කළේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹදක්වා පැමිණෙද්දි සහ කොළඹසිට කටුනායක ගුවන්තොටුපාල දක්වා ගමන් කර කාලයේදි බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා

සීමිත කාලයකට මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සහභාගී වන විශේෂ අවස්ථා සියල්ලටම එක් වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සංචාරය ස්ථිර වූ දිනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයට දැනුම් දුන් බවද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ රජයේ නියෝජනය කරමින් පරිවාර ඇමතිවරයා ලෙස මලික් සමරවික්‍රම නම් කර තිබූ අතර අවසන් අවස්ථාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස නම් කරන ලදි.