පාස්කු කමිටුව ජනපති හමුවීම කමිටුවේම බහුතරය ප්‍රතිකේෂ්ප කරයි……..

0

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සාමාජිකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී සාකච්ඡා කොට ඉදිරි කටයුතු පිළිබඳ තීරණයත් ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් එම කමිටුවේ බහුතරයකගේ විරෝධය පළ වී තිබෙනවා.

අද (11) පස්වරු 2 රැස්වූ කමිටුව ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළ යුතු යැයි කමිටු සාමාජිකයෙක්ම ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර කමිටුවේ බහුතරයකගේ මතය වන්නේ එසේ හමුවීම සුදුසු නොවන බවය.

කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවීමට සුදානම් නැති බව සිය පෞද්ගලික මතය බව කමිටු සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා වෛද්‍ය නලීන්ද ජයතිස්ස යන සමාජිකයන් එහිදි ප්‍රකාශ කොට තිබෙනවා.

එසේ හමුවීමට අවශ්‍ය නම් කමිටුව පළමුවරට රැස්වීමට ප්‍රථම ජනාධිපතිවරයාට කමිටු සාමාජිකයන් කැදවා සාකච්ඡා කළ හැකිව තිබූ බව කී වෛද්‍ය නලීන්ද ජයතිස්ස  ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන මේ මොහොතේ මෙලෙස හමුවීම සදාචාර සම්පන්න නොවන බවද පවසා තිබෙනවා.

කතානායක කරු ජයසූරිය මේ සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශ කර ඇති බැවින් ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට කමිටුව කටයුතු කරනවා විනා වෙනත් පාර්ශව සමඟකටයුතු කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු සඳහන් කළා.