පාස්කු කමිටුවට විරෝධය දක්වමින් ජනපති කැබිනට් මණ්ඩලය මගහරී……. මේ සතියේ දින වෙන් කරලත් නැහැලු

0

සාම්ප්‍රදායිකව සෑම අගහරුවාදා දිනකම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වන කැබිනට් මණ්ඩල රැස්වීම අද (11) පැවැත්වුනේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කමිටුවට බුද්ධි අංශ හා පොලිස් නිලධාරින් කැදවීම නවතන ලෙසත් එසේ නොවුන්නේ නම් කැබිනට් රැස්වීමට තමන් සහභාගී නොවන බවටත් ජනාධිපතිවරයා කළ දැනුම් දීම මත කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත් නොවුනේය.

කැබිනට් මණ්ඩල රැස්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මේ සතියේ දින වෙන් කර නැති අතර ඒ වෙනුවෙන් නැවත දැනුම්දීමක්ද කර නොමැත.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 30 (1) (5) යටතේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (1) වගන්තිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද ආරක්ෂා කරන බවටද සඳහන් වන බැවින් ජනාධිපතිවරයා ඊට බැදී සිටින බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

කැබිනට් මණ්ඩලය විධායකය වෙනුවෙන් පාර්ලිමේන්තුවට වගකිය මණ්ඩලය බැවින් කැබිනට් රැස්වීම් නොපවත්වා සිටීම නිතියට පටහැනි ක්‍රියාමක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එම නිසා ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පිළිතුරු සැපයීමට නොහැකි නිසා පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුව ඇතැයිද සභානායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.